
S.W.R.D බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ එකොළොස්වන ගුණ සමරුව නිමිත්තෙන් එකල විදුලිබල වාරිමාර්ග ඇමැතිව සිටි සෙනරත් සෝමරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම පාසල මිශ්‍ර පාසලක් ලෙස 1970/09/26 වන දින ආරම්භ විය.ගුරුවරුන් හතර දෙනකුගෙන් සිසුන් හය දෙනකුගෙන් ආරම්භ වූ මෙම පාසල දිනෙන් දින දියුණු වන්නට විය. මිශ්‍ර පාසලක් ලෙස ඇරඹුණද 1972 වර්ෂයේදී මෙම පාසල බාලිකා විද්‍යාලයක් බවට ද 2019.02.18 වන දින ජාතික පාසලක් බවට ද පත් විය.