|
1970.09.26- 1971.01.27 & 1972.01.20- 1972.06.12 |
එම්.ඒ. ගුණසේන මයා |
|
පාසලේ ආරම්භක නියමුවානන් ලෙස වසර 2කට ආසන්න කාලයක් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන ලදි. |
|
1971.01.28 - 1972.01.19 |
රිචඩ් වර්ණසූරිය මයා |
|
වසරකට ආසන්න කාලයක් පාසලේ ප්‍රධාන නියමුවරයා ලෙස මෙතුමන් කටයුතු කර ඇත. |
|
1973.06.08-1974.12.27 |
මානෙල් ලියනගමගේ මිය |
|
වසර එක හමාරක කාලයක් තුළ පාසලේ ප්‍රධාන නියමුවරිය ලෙස කටයුතු කරමින් පාසලේ උන්නතිය තකා මෙතුමිය කටයුතු කරන ලදි. |
|
1974.12.28 - 1977.09.04 |
එම්.එම්. මුතුකුඩ මිය |
|
එම්.එම්. මුතුකුඩ විදුහල්පතිනිය වසර 3කට ආසන්න කාලයක් මෙම පාසලේ සේවය කල අතර විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ විදුහල්පතිනියකි. |
|
1977.09.05- 2003.09.04 |
කුසුමලතා ඉලංගමගේ මිය |
|
විද්‍යාලයීය ඉතිහාසයේ වැඩිම කාල වකවානුවක් පාසලේ ප්‍රධාන නියමුවරිය ලෙස කටයුතු කළ කුසුමලතා ඉලංගමගේ විදුහල්පතිනිය පාසල ප්‍රෙද්ශයේ විදුහල් අතර ඉහළම තැනක ඔසවා තැබීමට ඉමහත් සේවයක් කළ විදුහල්පතිනියකි. අ.පො.ස උසස්පෙළ සඳහා විද්‍යා විෂයන් හැදෑරීමට දරුවන්ට අවස්ථාවක් උදා වූයේ මෙතුමියගේ කාල වකවානුවේය. එසේම පාසලේ බටහිර තූර්ය වාදන කණ්ඩායම මෙතුමියගේ කාල වකවානුවේ ආරම්භ කරන ලදි. බණ්ඩාරනායක බාලිකා ඉතිහාසයේ ස්වර්ණම යුගය බිහි කිරීමට මෙතුමියගෙන් ලද දායකත්වය ඉමහත්ය. |
|
2003.09.05- 2009.07.19 |
ලතා වර්ණසූරිය මිය |
|
පාසලේ ප්‍රධාන නියමුවරිය ලෙස වසර 6කට ආසන්න සේවා කාලයක් තුළ පාසලේ දියණියනිවරුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට කැපවීමෙන් විවිධ වැඩසටහන් සකසමින් මෙතුමිය කටයුතු කර ඇත. පාසල් රිය නියාමක වැඩසටහන, ශිෂ්‍ය මනෝ උපදේශන සේවාව, ප්‍රාථමික බටහිර තූර්ය වාදන කණ්ඩායම පාසල තුළ ආරම්භ කිරීමට මෙතුමිය කටයුතු කළාය. |
|
2009.07.20 - 2010.06.29 |
ආර්.කේ. ලීලාවතී මිය |
|
මෙතුමිය වසරකට ආසන්න කාලයක් පාසලේ ප්‍රධාන නියමුවරිය ලෙසින් තම සේවාව පාසල වෙනුවෙන් ඉටු කළාය. |
|
2010.07.15- 2014.06.13 |
යූ.කේ.එම්. සුමනාවතී මිය |
|
පාසල තුළ ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක කරමින් ප්‍රශස්ත ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් පාසල තුළ ඇති කිරීමට මෙතුමිය කටයුතු කළාය. පාසල් ඉදිරිපස තාප්පය ඉදිකිරීම තුළින් දියණියන්ගේ ආරක්ෂාවට කටයුතු සැලසීම මෙතුමියගේ කාලවකවානුවේ සිදුවිය. |
|
2015.03.02 - 2020.12.18 |
ආර්.එම්.කේ. රාජපක්ෂ මිය |
|
වසර 5 1/2 කට ආසන්න කාලයක් තුළ පාසලේ ප්‍රධාන නියමුවරිය ලෙස කටයුතු කළ කමනී රාජපක්ෂ විදුහල්පතිනිය, මහා විද්‍යාලයක් ලෙස පැවති අප විද්‍යාලය ජාතික පාසලක් දක්වා ඔසවා තැබීමට පුරෝගාමීව කටයුතු කළාය. එසේම පාසලේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් සිසුන්ට සුවදායී ඉගෙනුම් පරිසරයක් ඇතිකිරීමට කටයුතු කළාය. |