භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Bandaranayaka Girl N.S.

බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය (ජාතික පාසල)- අම්පාර

  • Register
  • Login
Bandaranayaka Girl N.S.

බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය (ජාතික පාසල)- අම්පාර

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • පෙරවරු 7.25 ට පෙර පාසලට පැමිණිය යුතුය.
  • නිල ඇඳුම් සහ හිසකෙස් පාසල් විනය නීති රීති වලට අනුකූල විය යුතුය.
  • ආරම්භක සීනුව නාද වීමට ප්‍රථම සියලුම පිරිසිදු කිරීම් කටයුතු අවසන් විය යුතුය.
  • පෙරවරු 7.28 ට ආරම්භක සීනුව නාද කරන විට සියලු වැඩ නතර කර නිශ්ශබ්ද විය යුතුය.
  • පෙරවරු 7.30 ට ආගමික කටයුතු ආරම්භ වේ. එම දිනයට අදාළ ගීය ගායනා කර අවසන් වන තෙක් පාසල තුළ කිසිවෙකුට ගමන් කිරීම සපුරා තහනම් වේ.
  • ප්‍රවේශ දොරටු දෙක අතර ශිෂ්‍ය නායක මණ්ඩලය හා ආචාර්ය මණ්ඩලය උදෑසන රැඳී සිට නිල ඇඳුම පිළිබඳ සොයා බලනු ලැබේ.
  • ප්‍රමාද වී පැමිණෙන අය වෙතොත් ශිෂ්‍ය නායිකාවන් පරීක්ෂාකර සටහන් තබන අතර පන්ති භාර ගුරුවරුන් ට යොමු කර දින හතරක් ප්‍රමාද වී පැමිණිය හොත් දෙමව්පියන් කැඳවනු ලැබේ.
  • නිවේදන වලට නිශ්ශබ්ද ව අවධානය යොමු කළ යුතුය.
  • උදෑසන රැස්වීම් පවත්වන දිනයේ දී සීනුව නාද වීමත් සමඟම සියලුම සිසුන් පේළි වශයෙන් රැස්වීම් පවත්වන ස්ථානය අසලට ලඟා වීම, රැස්වීම අවසානයේදී පේළි වශයෙන් පන්ති කාමර වලට ගමන් කිරීම කළ යුතුය.
  • සෑම කාල පරිච්ඡේදයක දී ම මුල් විනාඩි 5 ඇතුළත අදාළ ගුරුතුමා/ ගුරුතුමිය පැමිණ සිටී දැයි බලා පන්තියට ගෙන්වා ගැනීම පන්ති නායක / උප නායිකාව / විෂය නායිකාව ගේ වගකීම වේ.
  • ගුරුතුමා/ගුරුතුමිය නිවාඩු ලබා ඇත්නම් සිසුන් පැවරුම් කටයුතු වල යොදවා නිශ්ශබ්දව තැබීම පන්ති නායිකාව/ උප නායිකාව / විෂය නායිකාවන්ගේ වගකීමයි.
  • පළමු කාලච්ඡේදයේ අවසානයේ නම් ලකුණු කල පසු නාම ලේඛනය කාර්යාලයට ලැබිය යුතුය.
  • විවේක කාලය හැරුනු විට කිසිදු වෙලාවක පන්ති වලින් බැහැර වීම සම්පූර්ණයෙන් තහනම්.
  • විශේෂ හේතුවක් නිසා පන්තියෙන් බැහැරව යන විට අවසර පත්‍රය නොමැති වීම දඬුවම් ලබන වරදකි.
  • විවේක කාලය තුල පන්ති කාමරය තුලම කෑම ගැනීම කල යුතුය. වෙනත් පන්තියකට යාම නොකල යුතුය.
  • පන්ති කාමරයෙන් බැහැර වෙනත් ස්ථාන වල ඉගැන්වීම් කටයුතු වලට යාමේදි පේළියට සිසුන් රැගෙන යාම පන්ති නායිකාවගේ හා විෂය නායිකාවන්ගේ වගකීමයි.
  • පාසල අවසන් වී යාමේදි පේළියට පන්ති කාමරයෙන් බැහැර විය යුතු අතර වගකීම නායකයින් සතුය.
  • නාමලේඛන, පන්ති වාර්තා පොත, පැවරුම් ලිපි ගොනුව පිළිබද වගකීම පන්ති නායකයින් හවුලේ දැරිය යුතුය.
  • සියලුම නායිකාවන් තම නිල ලාංඡන පැළඳ සිටිය යුතුය.
  • කිසිදු හේතුවක් නිසා ප.ව. 1.30 න් පසු විදුහල්පති අවසරයකින් තොරව පන්ති කාමර තුල රැදී සිටීම සපුරා තහනම් වේ.
  • සැම ශිෂ්‍යාවක්ම ගුරු දෙගුරු සම්බන්ධතා පොත සැම දිනකම පාසලට රැගෙන ඒම අනිවාර්යය වේ.
  • ජංගම දුරකතන පාසල් භූමියට රැගෙන ඒම සපුරා තහනම් වේ.
  • පාසලේ කටයුතු විධිමත් කර ගැනීම සඳහා ශිෂ්‍ය නායිකාවන් යොදවා ඇති බැවින් ශිෂ්‍ය නායිකාවන්ගේ අණට සැම ශිෂ්‍යයෙකුම අවනත විය යුතුය.
  • පාසලට ඇතුලත් වන නවක ශිෂ්‍යාවන් සුහදව පිලිගෙන සහයෝගයෙන් වැඩ කල යුතුය.
  • පාසල් සංවර්ධන සමිතියේ සහ පහසුකම් හා සේවා ගාස්තු අරමුදල් පළමු පාසල් වාරය තුළ ගෙවා අදාල කුවිතාන්සිය ලබාගත යුතුය.
  • පාසලට එන සහ පාසල අවසන් වී යන විට තම ආරක්ෂාව ආයතනයේ ආරක්ෂාවත් ආරක්ෂා කර ගනිමින් විනය ගරුකව හැසිරීම ඔබගේ වගකීමයි.
  • විද්‍යාලයේ නිවේදන තම දෙමාපිය භාරකරුවන්ට දැනුම් දිය යුතුය.

 

Bandaranayaka Girl N.S.

බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය (ජාතික පාසල)- අම්පාර

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Dharmapalamawatha, Ampara

: (+94)0632222451

: (+94)0632222451

: [email protected]

Supported By

© 2026 Bandaranayaka Girl N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk