
විදුහල්පතිනියගෙන් කාරුණිකව.......
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි එකම සිංහල මාධ්‍ය බාලිකා පාසල අපි වෙමු. දුෂ්කරතා , අඩුපාඩු , පාරිසරික සමාජයීය ගැටලු රැසක් මධ්‍යයේ අපි නොසැලී පෙරට ඇදෙමු. අභියෝග ජය ගත හැකි ශක්තිමත් ගුරු දෙගුරු හා සිසු කැළත්, අනධ්‍යයන කාර්යය මණ්ඩලයත් නිරන්තරයෙන්ම ධනාත්මක ආකල්පයෙන් කටයුතු කිරීමෙන් පාසල් මාතාවට ඉලක්ක සඵල කර ගැනීමට හැකි වන්නේමය. අප එකිනෙකා එක්ව සාමූහික ගමනක යෙදෙන අතර නිර්මාණශීලී , ගුණාත්මක , බුද්ධිමත් දරු පිරිසකගේ භාරකරුවන් වශයෙන් කටයුතු කිරීමේ දී එකිනෙකාට හඳුනාගත් කාර්යභාරයක නිරතවීමෙන් සාර්ථකත්වය කරා යා හැක. මෙය එහි නීත්‍යානුකූල ආවරණය සපයන උත්සාහයක් වනු ඇත. ආයතන චක්‍රලේඛ අණ පනත් අනුව රාජකාරිය බෙදා හරිමින් සකස් කරන ලද මෙය තමන්ගේ කාර්යභාරය හඳුනා ගනිමින් අන් අයගේ කාර්යභාරය පිළිබඳ විවේචනය නොකොට, කැපී පෙනෙන විශේෂත්වයක්, පෞරුෂයක් තම තමන් විසින්ම ගොඩනගා ගත යුතු බවට සිහිපත් කර සිටිමි. ඔබට මතුවන ඕනෑම ගැටලුවක දී මා වෙත දැනුම් දීම ඔබගේ යුතුකමකි. දරුවන් අපේය. අපේ දරුවන් ආදරයෙන්, සෙනෙහසින්, කරුණාවෙන් රැක බලා ගනිමින් දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා නිරන්තරයෙන් අනලස්ව කැප වී ක්‍රියාත්මක වීම ඔබගේ වගකීමකි.
ඩබ්.ඊ.ශ්‍රියානි විජේකෝන්