WIN_20230906_11_38_55_Pro.jpeg
348965496_759891945865704_1925329304881555394_n.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

   නැණ ගුණ සපිරි 

දිරි දැරි අසිරි 

බණ්ඩාරනායක බාලිකාවෙන්

ලක් මාතාවට...

 

බණ්ඩාරනායක බාලිකා ජාතික පාසල වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

 

 

 

නැගෙනහිර පළාතේ එකම සිංහල බාලිකා විද්‍යාලය ලෙස ප්‍රචලිත අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ, වර්තමානයේ ශිෂ්‍යාවන් 1700ක් පමණ අධ්‍යාපන කටයුතුවල නියැළී සිටි. ඔවුන්ට මග පෙන්වමින් දිරිය දෙමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි ගුරුභවතුන් 95ක් පමණ නිරත වී සිටිති.

 කලා,වාණිජ,ගණිත,ජීව/කෘෂි විද්‍යා විෂය ධාරාවන් ගෙන් සමන්විත 1 A B පාසලකි. ශිෂ්‍යත්ව විභාග, අ.පො.ස (සා.පෙළ), අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල ඉහළ මට්ටමක පවතී. විෂය බාහිර මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වල නියැළෙමින් ශිෂ්‍යාවෝ කැපී පෙනෙන දක්ෂතා පෙන්වා ඇත.

 නව තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වන ගුරු, සිසුහු උද්යෝගයෙන් වැඩ කරති. විෂය සමගාමි ජයග්‍රහණ සිංහල භාෂා දෙමළ භාෂා චිත්‍ර, සංගීත, නැටුම් ආදී තරඟ වලින් පළාත් සමස්ත ලංකා ජාතික මට්ටමේ ජයග්‍රහණ පාසලෙන් බිහි වී ඇත. ක්‍රියාකාරී ශිෂ්‍ය පාර්ලිමේන්තුව ද මාධ්‍ය ඒකකයෙන් ද පාසලේ කටයුතුවලට මනා දායකත්වයක් සපයා ඇත.

 නැණ ගුණ සපිරි දිරි දැරි අසිරි බණ්ඩාරනායක බාලිකාවෙන් ලක් මාතාවට යන උදාරතර දැක්ම පෙරදැරි කරගෙන දිනෙන් දින දියුණු වන පාසලක් ලෙස බැබළී ඇත.

 

Read More

පාසලේ මෙහෙවර

නැණ ගුණ දිරි සපුරාලන

ඉලක්ක ජය ගැනීමට

නිසි දේ නිසි විට නිසි ලෙස

ඉටු කර දීමෙන්

දියණියනි, ඔබ වෙනුවෙන් අපි

අනලස්ව කැප වෙමු.

0

Notifications

Notice Board

දිගාමඩුලු අගමැති සටන

Bandaranayaka Girls National School