හෙළ විරුදාවේ දියත නැගූ දද - දිගාමඩුලු බිම ජනිත සුරු
නම ගම ආගම ජාතිය සේ නිති - සුරකිමු විදුහල් මෑණි ගරු
නැණ ගුණ සාරය සාදා දෙන ඔබ
කිරෙන් දියර වෙන් කළ හස සේ
අපි වෙමු සිළු පෙළ බබලන මතු ඔබ
දොළොස් මහේ පහනක් විලසේ
සුරතුර සේ රිසි - සිප් සත දී නිති
උතුරා සෙනෙහස දිය ළමැදේ
අම්පාරේ බණ්ඩාරනායක
විදුහල් මව් යුග යුග සැරදේ ///
පබැඳුම - ප්‍රේමකීර්තිද අල්විස් මහතා
තනුව - ගුණදාස මාතොටආරච්චි මහතා