බණ්ඩාරනායක බාලිකා ඉතිහාසය අලුත් කරමින් අද දින විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම පලමු දැඩි පන්දු ක්‍රිකට් තරගය සදහා සහභාගි උනා.
කැප්පටිපොල නවෝද්‍යා පාසල සමග පැවති එම තරගයේ පලමුවෙන් පන්දුවට පහර දුන් අප විද්‍යාලීය ක්‍රීඩිකාවන් පන්දු ඕවර 25 අවසානයේදී කඩුලු 8 දැවී ලකුණු 422ක් ලබා ගත්තා.
එහිදී විද්‍යාලය වෙනුවෙන් ක්‍රිකට් තරගයකදී මංගල ශතකය ලබාගැනීමට නෙත්මි වාසනා සමත් උනු අතර ඇය නොදැවී ලකුණු 111ක් ලබා ගත්තා.
ප්‍රතිවාදී කැප්පටිපොල නවෝද්‍යා පාසලට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 47ක් පමණි.එහිදී නිම්ශා යේශානි කඩුලු 5ක් ලබාගැනීමට සමත් උනා.
ඒ අනුව පලමු දැඩි පන්දු ක්‍රිකට් තරගය ලකුණු 375කින් ජයග්‍රහණය කිරීමට අප විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.
පාසලේ ක්‍රිකට් කණ්ඩායමටත්, ක්‍රිකට් කණ්ඩායම පුහුණු කළ ගුරු මහත්ම මහත්මීන්ටත් විදුහල්පතිතුමිය ඇතුලු සමස්ත පාසලම මෙසේ සුබ පැතුම් පිරිනමන්නෙමු.
