බණ්ඩාරනායක බාලිකා ජාතික පාසල වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

නැගෙනහිර පළාතේ එකම සිංහල බාලිකා විද්‍යාලය ලෙස ප්‍රචලිත අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ, වර්තමානයේ ශිෂ්‍යාවන් 1700ක් පමණ අධ්‍යාපන කටයුතුවල නියැළී සිටි. ඔවුන්ට මග පෙන්වමින් දිරිය දෙමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලියෙහි ගුරුභවතුන් 95ක් පමණ නිරත වී සිටිති.
කලා,වාණිජ,ගණිත,ජීව/කෘෂි විද්‍යා විෂය ධාරාවන් ගෙන් සමන්විත 1 A B පාසලකි. ශිෂ්‍යත්ව විභාග, අ.පො.ස (සා.පෙළ), අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල ඉහළ මට්ටමක පවතී. විෂය බාහිර මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වල නියැළෙමින් ශිෂ්‍යාවෝ කැපී පෙනෙන දක්ෂතා පෙන්වා ඇත.
නව තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලියෙහි නිරත වන ගුරු, සිසුහු උද්යෝගයෙන් වැඩ කරති. විෂය සමගාමි ජයග්‍රහණ සිංහල භාෂා දෙමළ භාෂා චිත්‍ර, සංගීත, නැටුම් ආදී තරඟ වලින් පළාත් සමස්ත ලංකා ජාතික මට්ටමේ ජයග්‍රහණ පාසලෙන් බිහි වී ඇත. ක්‍රියාකාරී ශිෂ්‍ය පාර්ලිමේන්තුව ද මාධ්‍ය ඒකකයෙන් ද පාසලේ කටයුතුවලට මනා දායකත්වයක් සපයා ඇත.
නැණ ගුණ සපිරි දිරි දැරි අසිරි බණ්ඩාරනායක බාලිකාවෙන් ලක් මාතාවට යන උදාරතර දැක්ම පෙරදැරි කරගෙන දිනෙන් දින දියුණු වන පාසලක් ලෙස බැබළී ඇත.





